දෙව්මැදුරේ හදවත

ජෝර්ජ් කාරියවසම්

             දිනපතා ලස්සන දෙව්මැදුරකට පිවිසී නොයෙකුත් දේව ස්ත්‍රෝත්‍ර ගයමින්, පුද පූජා පවත්වමින්, සජ්ඣායනා කරමින්, සිතට සතුට ගෙන දෙන අන්දමේ උදාර ලේබල් අලවා ගනිමින්, ආධ්‍යාත්මික මට්ටමින් මා සිටින්නේ අහවල් තැනයයි හුවා දක්වා ගනිමින්, එක් එක් ආකාරයේ ඇඳුම් ඇඟලා ගනිමින්, යම් යම් ආකාරවල ජීවන රටාවන්ට අනුව ජීවත් වෙමින්, ඔබට කල්මැරිය හැකි වූවත්, ඔබ හදවත තුළ දෙව්මැදුරක් නොවේ නම්, ඔබේ හදවත දෙව්මැදුරක් තුළ සොයා ගැනීමට නොපිළිවන.

            දෙව්මැදුරක්වත්, හදවතක්වත් නැති අය අප අතර කොතෙක් සිටීද? ඒ අය ඔහේ හිටපු දෙන්, එය ඔබේ ප්‍රශ්න‍යක් කර ගන්න එපා. ඔබත් එවැන්නෙක්ද? අන්න එයයි ප්‍රශ්නය. අන් අයගේ හදවත් තුළට එබිකම් කිරීම දැන්වත් නවත්වා ඔබේ ඇතුළාන්තයටම නැඹුරු වෙන්න. ඒ දකින හදවත ඒ දැක්කාටත් වඩා හොඳින් නැවත තැන්පත් කරන්න. මෙය ඔබ හැමවිටම කළ යුතු දෙයක්. ඇයි බැරි? එයට දැන් පිළිතුරු දීමට ඉදිරිපත් වන්නේ ඔබ නෙවෙයි, ඔබේ අවිද්‍යාවයි. සිතා බලන්න!

Leave a comment