අජාන් ජයසාරො ස්වාමීන් වහන්සේ – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්
ප්‍රායෝගිකව මෛත්‍රී භාවනාව පුහුණු කරන ආකාරය අපි බොහෝ දෙනෙකුට ගැටළුවක් වෙලයි තියෙන්නෙ. හැමවෙලාවෙම අපේ හිතට සැකයක් එනව මේ කරන විදිය හරිද, අපි යොදා ගත යුතු හරි ක්‍රමය මොකක්ද කියල. මගේ පුහුණුවෙදි මම සොයා ගත්තු පහසු එක ක්‍රමයක් තමයි, මෛත්‍රීය පිළිබඳ පුංචි ගිනි පුපුරක් මතු කර ගෙන ඒක අවුළුවා ගන්න එක. මට මෛත්‍රී සහගත ගිනි පුපුර මතු කර ගන්න පහසුම ක්‍රමය තමයි, මගේ අම්ම ගැන හිතල ඈ මට දක්වපු ආදරය ගැන මතක් කර බලන එක. මට හිතෙන විදියට මේක අපි හුඟ දෙනෙකුට හුරු පුරුදු දෙයක් වෙන්න ඕනෙ. අපි හැමෝම දන්නව මේ ආදරය මොනවගේද කියල. මට අම්ම ගැන හිතෙන හැම වෙලාවකම මගේ පපුවෙ හදවතට කිට්ටු වෙන්න තද උණුසුම් ගතියක් දැනෙනව. මම ඒ උණුසුම භාවනා අරමුණ හැටියට අරගෙන මම මෛත්‍රී භාවනාව එයින් වැඩි දියුණු කර ගන්නව. තමන්ගෙ මව දැක්වූ ආදරය සිහිපත් කර ගැනීම අතීත සිහිවටනයක් හාරා අවුස්සා බැලීමක්ම නෙවෙයි. එය ඉතා වටිනා උතුම් වස්තුවක්, එහි වටිනා ප්‍රායෝගික අදහසක් ගැබ්වී තියෙනව.