අජාන් ජයසාරො ස්වාමීන් වහන්සේ – පරිවර්තනය ජෝර්ජ් කාරියවසම්
සංසාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අපට හුඟක් ප්‍රයෝජනවත් වෙනව. මීට ඉහතදි ඔබ බොහෝ වාර ගණනාවක් ඉපදිල තියෙනව කියල ඔබට විශ්වාසයක් ඇති කර ගන්න පුළුවන් නම්, අවුරුදු දහයක විස්සක, ඔබ භාවනා කටයුතු වලට මෙතෙක් ගත කරල තියෙන කාලය, අවුරුදු හතලිහක් පණහක් වුනත් කමක් නැහැ, ඇස් පිල්ලමක් ගහන්න යන කාලය වගේ ඉතා සුළු කාලයක් නේද? තමන් දන්න දේ හැර අනිකුත් දේවල් බැහැර කරන අඥේයවාදීන්, සමහර වෙලාවට උපදෙස් දෙනව “පෙර ආත්ම, ඊළඟ ආත්ම ගැන හිතන්න ඕනෙ නැහැ. මේ ලැබිල තියෙන ආත්මය ගැන හිතුවාම හොඳටම ඇති” කියල. ඒ විදියට හිතන්න ඔබත් ලෑස්ති නම්, මේ ජීවිතය ගැන විතරක්ම හිතනව නම්, ඔව්! එහෙම නම් අවුරුදු පහක් දහයක් මහණදම් පුරණ එක ලොකු දෙයක් හැටියට ඔබ බාර ගන්නව. සංසාරය ගැන සලකා බලන එකේ වැදගත් කමක් නෑ කියල බුදුරජාණන් වහන්සේ හිතුව නම්, ඇයි එහෙම නම් උන්වහන්සේ ඔය තරම් සංසාරය ගැන කථා කළේ?