ඔබ කවරෙක්ද?

ජෝර්ජ් කාරියවසම්

            ඔබේ වටිනාකම‍, ඔබේ ජීවිතයේ ඔබ  දේවල් මොනතරම්‍ හොඳින් කරනවාද යන්නට සමාන නොකරන්න. ඔබ යනු ඔබ කරන දේවල් නොවේ. ඔබ යනුවෙන් හඳුන්වන්නේ ඔබ කරන දේවල් නම් ඔබ දේවල් නොකරන විට ඔබ කියා කෙනෙක් නැහැ නේද?

මේ ගැන ටිකක් සිතා බලන්න.

‘ඔබ’ කියා ඔබ හඳුන්වාගන්නේ ඔබේ මමත්වයයි. ඔබ එය පෙන්නුම් කරන්නේ, පෙන්නුම් කරගන්නේ  ඔබ කියන කරන දේවල් මගින්ය. ඔබේ හැඩය නැතහොත් ස්වරෑපය එමගින් ගොඩනැ‍‍ඟේ. ඔබ කියන කරන දේ යහපත් නම් ලස්සන නම් ඔබේ හැඩයත් යහපත්ය, ලස්සනය.නැතිනම් ‍ඔබේ ස්වරෑපය අයහපත්ය, අවලස්සනය. එය ඔබ නොදන්නවා නොවේ. එහෙම නේද?

එම නිර්මානය ගොඩනැ‍‍‍ඟෙන්නේ ඔබේ සිතිවිලි මතය. එසේ නම් එහි නිර්මානාතෘවරයා කවරෙක්ද? ඒ ඔබේ සිතය.

එම නිසා ඔබේ සිත තැන්පත් කරගන්න, නිහඬ කරගන්න. තැන්පත් සිතින් නිරවුල් සිතින්කියන කරන දේ හොඳය, ලස්සනය. ඊට වඩා වැඩි යමක් ඔබට අවශ්‍යද? ඔබ නිහඬ නම් නිසල නම් ඔබ කියාපාන මමත්වය කුමක්ද?

අව්‍යාජත්වයේ සංකේතය එයයි.

ඔබ නිහතමානී පුද්ගලයෙකුගේ ප්‍රතිමෘර්තියයි.

Leave a comment